Winning entries could not be determined in this language pair.There were 5 entries submitted in this pair during the submission phase. Not enough votes were submitted by peers for a winning entry to be determined.Competition in this pair is now closed. |
[...] පරිවර්තකයන්ට සැබවින් ම පිළිගැනීමක් නොලැබුණි, ඔවුහු ජීවත් වීමට උපයනවාට වඩා වැඩි යමක් බලාපොරොත්තු නොවූ අතර, හුදෙක් ජීවත් වීමට ප්‍රමාණවත් තරම් ඉපයූ හ. සැබවින් ම ඉතා සුළු පිරිසක් පරිවර්තකයින් ලෙස පුහුණුව ලබා සිටි නමුත් බොහෝ දෙනෙකුට ශක්තිමත් පාසල් අධ්‍යාපනයක් සහ අඩු තරමින් තමන්ගේ භාෂාව පිළිබඳ ශක්තිමත් දැනුමක් තිබුණි. මට හරියටම එම ගණයට වැටෙන මිතුරෙකු සිටි අතර මගේ මිතුරු කවය වෙනත් පරිවර්තකයන් ද ඇතුළත් කිරීමට පුළුල් විය. මිනිසුන් ලෙස ඔවුන් බෙහෙවින් සිත්ගන්නාසුළු බව මට පෙනී ගිය අතර, අපට බොහෝ විට සමාන ජීවිත අත්දැකීම් ඇති බව පෙනිණි. මට කිසි දිනෙක මිතුරන් ඇති කර ගැනීමේ ගැටලුවක් නොතිබුණි, නමුත් සැම විටම මට මා අන්‍යයන්ගෙන් "වෙනස්" බවක් දැනුණු අතර, ඔවුන්ටද එය එසේ වන්නට ඇති බව මගේ විශ්වාසය වේ. මගේ මිතුරිය විශ්‍රාම ගන්නා විට, ඇය මාව සිය තනතුරට ආදේශක නිලධාරියා ලෙස නිර්දේශ කළා ය. මම දැන් මා කිසිවක් නොදැන සිටි, ප්රතිරක්ෂණ ක්ෂේත්රයට ඇතුළු වී සිටිමි. එහි සිටි එකම පරිවර්තකයා ද මා වූ අතර, දුෂ්කර යැයි කිව හැකි එතරම් දෙයක් නොතිබුණි. කෙසේ වෙතත්, එය තවත් ජයග්‍රහණයක් විය.... මගේ නව රැකියාවේ දී, මම ලිපිගොනු පරීක්ෂා කිරීම ආරම්භ කළ අතර, ප්‍රශ්න අසමින්, රක්ෂණ පාඨමාලා සඳහා සමාගම ලවා මා බඳවා ගැනීමට කටයුතු කළෙමි. රක්ෂණ විද්‍යාලය වීථියෙහි අනෙක් පස පිහිටි අතර, මම එහි තිබූ පුස්තකාලයට ගොස් ගිනි කේත, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවන උපකරණවල කැටලොග පිළිබඳ සෙවීමි. මම මට මීට පෙර කිසිදා කළ නොහැකි වූ දේවල් ඉගෙන ගැනීමේ වාසිය අත්විඳිමින් සිටියෙමි: පර්යේෂණ. න්‍යෂ්ටික බලාගාරයක් රක්ෂණය කිරීමේ අරමුණු සඳහා වූ යෝජනාවක් මා පළමු වරට පරිවර්තනය කළ විට, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් මට මා සිදු කළ කාර්යයට සුබ පතමින් ඇමතුමක් ලැබුණි. "අප පුරුදු වී සිටින ආකාරය සමග සංසන්දනය කළ විට වඩාත් හොඳ මෙයයි," ඔහු පැවසී ය. මොන තරම් ඉහළ තත්ත්වයක් ද! මම මගපෙන්වීමක් ලබා ගැනීම සඳහා මා හසුරුවන ලිපිගොනුවලට සමාන ලේඛනයක් පරිශීලනය කළෙමි, නමුත් මගේ පූර්වගාමියා "හරය" යන වචනය වෙනුවට "න්‍යෂ්ටිය" යන වචනය භාවිත කර ඇති බව දුටු විට, එම ලිපිගොනුවලින් මට ඵලක් නොවන බව මට වැටහුණි. මම වීථිය හරහා පුස්තකාලයට ගොස් "න්‍යෂ්ටික බලාගාර" යන පදය සොයා බැලුවෙමි. එසැණින් මම මට අවශ්‍ය සියලු පාරිභාෂික පද සොයා ගතිමි. සැබවින් ම, වර්තමානයේ දී හොඳ පරිවර්තකයෙකු වීමට එසේ වනවාට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. [...] | Entry #35851 — Discuss 0 — Variant: Not specified
|
[...] භාෂා පරිවර්තකයන්ට පිළිගැනීමක් නොලැබුණි, ඔවුන් ජීවත් වීමට සරිලන තරම් ප්‍රමාණවත් මුදලක් එයින් ඉපයීමට අපේක්ෂා නොකළහ. ඉතාම සුළු පිරිසක් භාෂා පරිවර්තකයන් ලෙස ඇත්ත වශයෙන්ම පුහුණු කරනු ලැබූ නමුත්, බොහෝ දෙනෙකුට මනා පාසල් අධ්‍යාපනයක් සහ අවම වශයෙන් ඔවුන්ගේ භාෂාව පිළිබඳව හෝ මනා භාෂා දැනුමක් තිබුණි. සැබැවින්ම එම කාණ්ඩයකට අයත්වන මිතුරකු මා හට සිටි අතර වෙනත් භාෂා පරිවර්තකයන් එකතු වෙමින් මගේ මිතුරු කවය විස්තීරණය විය. ඔවුන් මිනිසුන් වශයෙන් ඉතා සිත්ගන්නා සුළු පුද්ගලයන් බව මා හට පසක් වූ අතර, අපට බොහෝවිට සමාන ජීවිත අත්දැකීම් ඇති බව දැනගන්නට ලැබුණි. මට කිසි දිනෙක කරදරකාරී මිතුරන් නොසිටි නමුත්, මට සැමවිටම “වෙනස් බව” දැනුණු අතර ඔවුන්ට ද එය දැනෙන්නට ඇති බව මම විශ්වාස කරමි. මගේ මිතුරිය විශ්‍රාම ගිය පසු, ඇය වෙනුවෙන් පත් කිරීම සඳහා ඇය විසින් මා නිර්දේශ කරනු ලැබීය. දැන් මා, මා හට කිසිදු දැනුමක් නොතිබු ප්රතිරක්ෂණය පිළිබඳ විෂය ක්ෂේත්රයට යොමු වී ඇත. එහි සිටි එකම භාෂා පරිවර්තකයා මා වූ අතර, මට එතරම් පසු බැසීමට නොහැකි විය. කෙසේ නමුත්, එය තවත් ජයග්‍රහණයක් ම විය... මගේ නව රැකියාවේ දී, මා ලිපි ගොනු පරික්ෂා කිරීමට, ප්‍රශ්න ඇසීමට පටන්ගත් අතර සමාගම විසින් රක්ෂණය පිළිබඳ පාඨමාලා වලට ද මා බඳවා ගැනීමට කටයුතු සිදු කෙරිණි. රක්ෂණය පිළිබඳ පාසල පිහිටියේ මාර්ගයේ අනෙක්පස වූ අතර, මා ඔවුන්ගේ පුස්තකාලයේ තිබූ ගිනි රක්ෂණ පිළිබඳ සංග්‍රහයන්, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවන උපකරණ පිළිබඳ නාමාවලිය බලා කරුණු සොයාගත්තෙමි. මා හට කලින් කිරීමට හැකියාවක් නොතිබුණු දෙයක් වන; පර්යේෂණ පිළිබඳ මා ඉගෙන ගත්තෙමි. න්‍යෂ්ටික බලාගාරයක රක්ෂණ අරමුණු පිළිබඳ යෝජනාවක් පරිවර්තනය කිරීමට සිදු වූ පළමු අවස්ථාවේ දී, මා විසින් කරන ලද කාර්යය සඳහා සුබ පතමින් මා හට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “අප පුරුදු වී සිටි පරිවර්තනය සමග සසඳන විට මෙය ඉතා හොඳ ය” යන්න ඔහු කීවේ ය. එය කෙතරම් ඉහළ ඇගයීමක් ද! සිදු වූ දෙය නම්, මා මාර්ගෝපදේශයක් වශයෙන් සොයමින් තිබූ ලේඛනයට සමාන ලේඛනයක් ලිපිගොනුවල තිබී හමුවී මා පරික්ෂා කර බැලූ නමුත්, මට කලින් සිටි නිලධාරියා “මධ්‍යය” යන වචනය වෙනුවට “න්‍යෂ්ටිය” යන වචනය භාවිත කර ඇති බව දැකීමෙන් පසු, එම ලිපි ගොනු මා හට ප්‍රයෝජනවත් නොවන බව මට වැටහුණි. මා මාර්ගයේ අනෙක්පස පිහිටි පුස්තකාලය වෙත ගොස් “න්‍යෂ්ටික බලාගාර” පිළිබඳ සොයන්නට විය. ඉතා ඉක්මණින්ම මට අවශ්‍ය වූ සියලු පාරිභාෂික පද හමුවුණි. මේ කාලයේ දී, ඇත්ත වශයෙන්ම, හොඳ භාෂා පරිවර්තකයකු වීම සඳහා ඊට වඩා වැඩි යමක් කිරීමට අවශ්‍ය වේ. [...] | Entry #36475 — Discuss 0 — Variant: Not specified
|
[...] පරිවර්තකයන්ට හුදෙක් පිළිගැනීමක් ලැබුණේ නැත, ඔවුන් ජීවනෝපායක් ලෙස වැඩි යමක් කිරීමට අපේක්ෂා කළේ ද නැත, හුදෙක් සිදු කළා පමණි. ඉතා සුළු පිරිසක් සැබවින්ම පරිවර්තකයින් ලෙස පුහුණු කර ඇති නමුත් බොහෝ දෙනෙකුට ස්ථිර විද්‍යාලීය අධ්‍යාපනයක් සහ භාෂා පිළිබඳ, අවම වශයෙන් ඔවුන්ගේම භාෂාව පිලිබඳ ස්ථිර දැනුමක් තිබුණි. මට සත්‍ය වශයෙන් ම එම ගණයට අයත් මිතුරෙකු සිටි අතර මගේ මිතුරු කවය අනෙකුත් පරිවර්තකයන් ද ඇතුළත් කරගැනීමට තරම් පුළුල් විය. මිනිසුන් මෙන් ම ඔවුන් ද වඩාත් සිත්ගන්නා බව මට පෙනී ගිය අතර, බොහෝ විට අපට සමාන ජීවිත අත්දැකීම් ඇති බව ද අනාවරණය කර ගතිමි. මට කෙදිනකවත් මිතුරන් ඇති කර ගැනීමේ ගැටලුවක් නොතිබුණ නමුත් මට සැමවිටම "වෙනස්" බවක් දැනුණු අතර ඔවුන්ට ද එය දැනුණු බව මට විශ්වාස ය. මගේ මිතුරිය විශ්‍රාම ගිය විට, ඇයගේ ආදේශකයා ලෙස ඇය මා නිර්දේශ කළා ය. මම දැන් කිසිවක් නොදත් ප්රතිරක්ෂණ ක්ෂේත්රයට ඇතුළත් වී සිටිමි. මම එහි සිටි එකම පරිවර්තකයා ද වූ අතර පසු බැසීමට ද එතරම් දෙයක් නොතිබුණි. කෙසේ වෙතත්, එය තවත් ඉහළ යාමක් විය.... මගේ නව රැකියාවේ දී, මම ලිපිගොනු පිරික්සීමටත්, ප්‍රශ්න ඇසීමටත්, රක්ෂණ පාඨමාලා සඳහා මා ලියාපදිංචි කරවීමට සමාගම යොමු කරවීමත් ආරම්භ කළෙමි. රක්ෂණ විද්‍යාලය වීදියෙන් එහා තිබූ අතර, මම ඔවුන්ගේ පුස්තකාලයේ ගිනි කේත, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවන නාමාවලි බලා කරුණු සොයා ගතිමි. මින් කෙදිනක හෝ කළ නොහැකි වූ විනෝදාස්වාදී දේවල්: පර්යේෂණ, මම ඉගෙන ගනිමින් සිටියෙමි. න්‍යෂ්ටික බලාගාරයක රක්ෂණය සඳහා වූ යෝජනාවක් පරිවර්තනය කිරීමට මට පළමු වරට සිදු වූ විට, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් මට ඇමතුමක් ලැබුණේ මා කළ කාර්යයට සුබ පතමිනි. "අප පුරුදු වී සිටින දේ සමඟ ප්රසාදාත්මක ව සසඳයි," යනුවෙන් ඔහු පැවසීය. කෙතරම් ඉහළද! සිදුවූයේ මඟපෙන්වීම සඳහා මා හසුරුවන ලිපිගොනුවලට සමාන ලේඛනයක් මා පරිශීලනය කළ නමුත් මගේ පූර්වගාමියා "හරය" වෙනුවට "න්‍යෂ්ටිය" යන වචනය භාවිතා කර ඇති බව මා දුටු විට, එම ගොනු මට ප්‍රයෝජනවත් නොවන බව මා වටහා ගැනීම ය. මම වීදියෙන් එහා පුස්තකාලය වෙත ගොස් "න්‍යෂ්ටික බලාගාර" බැලුවෙමි. මට අවශ්‍ය සියලුම පාරිභාෂික වචන මම වහා සොයා ගතිමි. ඇත්ත වශයෙන්ම මේ දිනවල හොඳ පරිවර්තකයෙකු වීමට නම් ඊට වඩා විශාල දෙයක් අවශ්‍ය වේ. [...] | Entry #36478 — Discuss 0 — Variant: Not specified
|
[...] පරිවර්තකයින් සාධාරණ අන්දමින් හඳුනාගැනීමක් නොලබති, ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා නොගනිති, තම කටයුතු කෙසේ හෝ කළමනාකරණය කරගනිති. ඇත්තෙන්ම, ඉතා සුළු පිරිසක් පමණක් පරිවර්තකයින් ලෙස පුහුණුව ලබා ඇති නමුදු, සෑම කෙනෙකුම පාහේ ඉතා ශක්තිමත් අධ්‍යාපනයක් ලැබ අවම වශයෙන් ඔවුන්ගේම භාෂාව පිළිබඳ ශක්තිමත් දැනීමක් සහිතව සිටිති. එම ප්‍රවර්ගයට නිවැරදිව ඇතුලත් කල හැකි මිතුරෙකු මා හටත් සිටි අතර, මාගේ මිතුරු කවය, වෙනත් පරිවර්තකයන් ද එයට ඇතුළත් කිරීම සඳහා වැඩි වර්ධනය විය. මනුෂ්‍යයන් ලෙස ඔවුන් වඩාත් සිත් බඳනා බව මට පෙනී ගිය අතර, අප හට බොහෝ විට එක සමාන ජීවිත අත්දැකීම් ඇති බවද සොයා ගතිමි. කිසිදිනක මා හට මිතුරන් ඇති කර ගැනීමේ ගැටලුවක් නොතිබුන නමුත්, සැමවිටම අන් අයගෙන් "වෙනස්" බවක් මට දැනුණු අතර ඔවුන්ටද මා පිළිබඳව එලෙසම දැනුණු බව මට විශ්වාසක් ඇත. මාගේ මිතුරිය විශ්‍රාම යන විට, ඇයගේ ආදේශකයා ලෙස ඇය මා නිර්දේශ කර තිබිණි. මෙයට පෙර කිසිවක් පිලිබඳ නොදන සිටියාවූ ප්රතිරක්ෂණ ක්ෂේත්රයට මා දැන් ඇතුළු වී සිටිමි. එහි සිටින එකම පරිවර්තකයා ද මා වන අතර උපකාරය සඳහා යමෙකු මත රඳා පැවතීමේ අවශ්‍යතාවයද නොතිබිණි. කෙසේ වෙතත්, එය ජීවිතයේ තවත් සපුරා ගැනීමක් විය... මාගේ නව රැකියාවේදී, මම ලිපිගොනු පරික්ෂා කර බැලීමටත්, තොරතුරු දැනගැනීමට ප්‍රශ්න ඇසීමටත් පටන් ගත් අතර රක්ෂණ පාඨමාලා සඳහා මාගේ නම ලියාපදිංචි කරන ලෙසත් සමාගමට පැවසීමි. රක්ෂණ විදුහල වීදිය හරහා අනිත් පසින් වූ අතර, මම ඔවුන්ගේ පුස්තකාලයේදී ගිනිගැනීම් වැළැක්වීම සහ ගිනි ඇතිවීමේදී ආරක්ෂාව සඳහා ස්ථාපිත කර බලාත්මක කරන ලද ප්රමිතීන් සහ කේත, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවන නාමාවලි පරික්ෂා කොට කරුණු දැනගත්තෙමි. මම, මීට පෙර කිසිදා මට කළ නොහැකි වූ සුඛෝපභෝගී දේ ඉගෙන ගනිමින් සිටියෙමි: එනම් ගවේෂණය. න්‍යෂ්ටික බලාගාරයක රක්ෂණය සඳහා වූ යෝජනාවක් පරිවර්තනය කිරීමට මා හට පළමු වරට සිදු වූ විට, මා ඉටුකළ කාර්යයට සුබ පතමින් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගෙන් මට ඇමතුමක් ලැබුණි. "මෙතෙක් කල් අප හුරු පුරුදු වී සිටි දේ සමඟ සංසන්දනය කිරීමේදී සතුටුදායක බව පෙනේ," යනුවෙන් ඔහු පැවසීය. කෙතරම් උත්තේජකයක් ද! සිදුවූයේ, මා පොරබදිමින් සිටි ලිපිගොනු වලට සමාන ලේඛනයක් මාර්ගෝපදේශකත්වය සඳහා පරිශීලනය කරමින් සිටියදී, මාගේ පූර්වගාමියා "මධ්‍යය" වෙනුවට "න්‍යෂ්ටිය" යන වචනය භාවිතා කර ඇති බව දුටු විට, එම ගොනු මා හට නිෂ්ප්රයෝජන බව මට වැටහීමයි. මම වීදිය හරහා පුස්තකාලය වෙත ගොස් "න්‍යෂ්ටික බලාගාර" පිලිබඳ සොයා බැලුවෙමි. මට අවශ්‍ය සියලුම පාරිභාෂිතය මම වහාම සොයා ගත්තෙමි. ඇත්ත වශයෙන්ම, හොඳ පරිවර්තකයෙකු වීමට මේ දිනවල එයටත් වඩා බොහෝ දේ අවශ්‍ය වේ. [...] | Entry #36394 — Discuss 0 — Variant: Not specified
|
[...] පරිවර්තකයෝ එතරම් පිළිගැනීමක් නොලැබ, ඔවුන් වැඩි යමක් ලබා ගැනීමට අපේක්ෂා නොකර, යම්තම් කාර්යයෙහි නියැළෙති. පරිවර්තකයින් ලෙස සැබවින්ම, ඉතා සුළු පිරිසක් පුහුණුව ලැබුවත්, වැඩි දෙනකු සතුව තිබුණේ මනා පාසල් අධ්‍යාපනයක් හා අඩුම තරමේ සිය භාෂාව සම්බන්ධයෙන්, හොඳ භාෂා දැනුමකුත් පමණි. ඒ ඛාණ්ඩයට හරියටම ගැළපෙන මිතුරියක මා හට සිටි අතර, මගේ මිතුරු කවය අනෙකුත් පරිවර්තකයන් ද ඇතුළත් කර ගැනීම දක්වා පුළුල් විය. මිනිසුන් වශයෙන් ඔවුන් වඩාත්ම සිත්ගන්නා සුළු යැයි මා හට වැටහී ගිය අතර, අප තුළ නිරන්තරයෙන් සමාන ජීවිත අත්දැකීම් පවතින බවද දැන ගතිමි. මා හට කිසි දිනක මිතුරන් ඇති කර ගැනීමේ ගැටලුවක් නොවූ නමුත් සැමවිටම "වෙනස්" බව දැනුණු අතර ඔවුන්ටද එලෙසම දැනුණු බව මම විශ්වාස කරමි. මගේ මිතුරිය විශ්‍රාම යන විට, ඒ වෙනුවට ඇය මා නිර්දේශ කළාය. දැන් මම හාංකාවිසයක් නොදැන සිටි ප්රතිරක්ෂණ ක්ෂේත්රය වෙත පිවිස සිටිමි. එහි උන් එකම පරිවර්තකයා ද මා වූ අතර, මට නැති වන්නට එතරම් දෙයක්ද නොවිණි. කෙසේ වෙතත්, එය තවත් ජයග්‍රහණයකි.. මගේ නව රැකියාව අතරතුර, මම ප්‍රශ්න විමසමින් ලිපිගොනු පිරික්සීමට පටන් ගත් අතර, සමාගම විසින් රක්ෂණ පාඨමාලා සඳහා මා ඇතුළත් කිරීමට පටන් ගන්නා ලදී. රක්ෂණ විද්‍යාලය පාරෙහි ඉදිරිපසින් වූ අතර, මම එහි පුස්තකාලයේ ගිනි කේත, රක්ෂණ ප්‍රතිපත්ති සහ ගිනි නිවීම් සම්බන්ධ නාමාවලි කියවා තොරතුරු දැන ගතිමි. මම, පෙර අන්කිසිදාක කිරීමට අවස්ථාව නොතිබූ දේ: එනම්, පර්යේෂණ සම්බන්ධයෙන් හදාරමින් සිටියෙමි. න්‍යෂ්ටික බලාගාරයක් සඳහා වූ රක්ෂණය සැලසුම් යෝජනාවක් පරිවර්තනය කිරීමට ප්‍රථම වරට මට තිබූ අතර ම විසින් කර තිබූ කාර්යය වෙනුවෙන් සුභ පතමින්, එම දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙතින් ඇතුමක් ලදිමි. "අප විසින් කිරිමට පුරුදුව සිටින දෙය වඩාත් හොඳින් ඉටු කරනවා,” යැයි හේ පැවසීය. මොනතරම් ශ්‍රේෂ්ඨද! සිදුවූයේ, ආදර්ශ ගැනීම සඳහා මා භාවිත කරන ලිපි ගොනුවට සමාන ලිපිගොනුවලින් ගත් ලේඛනයක් මවිසින් කියවූ නමුදු, මට පෙර සිටි තැනැත්තා, "core" යන පදය වෙනුවට "nucleus" යන පදය භාවිත කර ඇති බව දුටු විට, එම ලිපිගොනුවලින් ඵලක් නැති බව මට වැටහීමයි. මම පාර පැන පුස්තකාලය කරා ගොස් "න්‍යෂ්ටික බලාගාර" පිරික්සීමි. මට අවශ්‍ය සම්පූර්ණ පාරිභාෂිතය මම සැණෙන් සොයා ගතිමි. ඇත්ත වශයෙන්ම, මේ කාලයේ හොඳ පරිවර්තකයෙකු වීමට ඊට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. [...] | Entry #36434 — Discuss 0 — Variant: Not specified
|